@daskonpramila Profile picture

ආදරය ද මේ

@daskonpramila

පරක්කු වෙලා හමුවුනු හරිම ආදරයට ආදරය කරන හදවතක් Facebook: ආදරය ද මේ

Similar User
Malith Gamage photo

@malith_lz

Deepal de silva Ambalangoda photo

@DAmbalangoda

ආයෙමත් ලිව්වොත් ඔයා කියවනවද??


ජීවිතේ එකම එක වතාවක් විතරක් හමුවෙන සංසාරගත ප්‍රේමයක්.. අත්හැරීම තුලින් හමුවෙන ලැබීම.... නැතුව ජීවත් වෙන්න බැරි නෑ...ඒත් නැතුව ජීවත් වෙන්න ඕනේ නෑ කියන එක තීරණයක්...


කදුලු අස්සෙන් පවා විහිලුවක් කරලා හිනාවක් ගේන්න පුලුවන් වීම මාස ගානකට පස්සේ ඇගිලිතුඩු ස්පර්ශය තුලින් ආත්මයටම කතාකරන්න පුලුවන් වීම හැගෙන දැනෙන ආදරයක් නිල් අහස යට උදෑසන හිරු කිරණ මැද කෝපි කෝප්පයක් තොල ගගා බූන්දී අහුරක් කටේ දාගන්න ගමන් විදින්න ලැබෙන එක සංසාර ආදරේ තවත් එක පරිච්ඡේදය ක්


වියෝගයක පෙර නිමිති දැනේ අබිනික්මන ලං ලං ව පෙනේ..... ගිළිහී මධු බිඳු රැඳුණු පෙම් වදන් කෙටිවෙයි කවියෙන් රචිත පෙම් හසුන් හෝරා දින සති බවට පෙරලමින් අඩුවී යයි මුණගැසෙන දින ගණන් fb.watch/ihG-UhZ3Pq/?mi…


දුකට පාලුවට මතක ඔස්සේ සැරි සරමින් හැඩුවත්...කොහේ හරි කොතැනක හරි ඔයා සතුටෙන් නම්.....ඒ ඇති මටත්.... ඔබ නැතුව ජීවත් වෙන්න බැරි නෑ මට....ඒත් මගේ ජිවිතය ඔබත් එක්ක එකට පියනගන්න මම කැමතියි..ඒ මගේ තෝරා ගැනීම... ඒත් ඒක නෙමෙයි නම් ඔබේ තේරීම....ඒත් මම ජීවත් වෙනවා.... #ආදරයදම


ආත්මාර්ථකාමය තුලින් හොයන ප්‍රේමයක සතුට කොන්දේසි සහගතයි....හිමිකම..මගේ වීම මත පමණක් සතුට රදා පවතිනවා... ඒත් පරාර්ථකාමී කොන්දේසි විරහිත ආදරයේදී හිමිකම මත නොව අනෙකාගේ සතුට මතයි තම සතුට රදා පවතින්නේ ....


අයිතියක් නැතුව ආදරය කරන්න ඉගෙන ගන්න පුලුවන් ජීවිතෙන් විතරමයි... "මගේ " කියන සංකල්ප ය තුල තියෙන්නේ අයිතියක් ....හිමි අහිමිවීම තුල තියෙන්නේ ලෝබ කමක්....


මට එකම එක දෙයකට උත්තර දෙන්න.. ඇයි ? අතරමග අතරමං කරන්න නම් ඇයි ලං වුනේ? සමුගැනීමක්වත් නැතිව නිහඩ වුනේ ඇයි? මං විතරක් නෙමෙයි..ඔයාටත් රිදෙනවා කියලා මට හිතෙනවා..ඒත් තාමත් නිහඩ ඇයි? ඇයි ඔයා "අපි" වෙනුවෙන් ඉදිරිපත් නොවෙන්නේ?


අපි අපේ කිව්ව ආදරය අද මගේ විතරක් වුනේ කොහොමද?


"යන්නම්" කියන්නේවත් නැතුව නිහඩ වෙන්න තරම් නොවටිනා සෙනෙහසක් ද ඔයාට මගෙන් දැනුනේ?


හැම ආදරයකටම අත්පොතක් ඕනේ.ඒකේ ලියල තියෙන්න ඕනේ කොච්චර දවසක් බලාගෙන ඉන්න ඕනෙද කියලා හිත හදාගන්න ආයෙමත් එන්නේ නෑ කියලා. ආදරෙදී වගේම ආදරේ මගදි තනිකරලා ගියාම ඉන්න විදිහත්.. පසුවදන විදිහට ලියන්න ඕනේ ,සමහර ආදර කතාවල තනිකල කෙනා සහ තනිවුනු කෙනා කියලා අන්තිමට දෙන්න පාරවල් දෙකක යනවා කියලත්


ඔබ මාව මුණගැසෙන විට මම ඔබව සෙව්වේ නැත, නමුත් දැන් ඔබ හමුවීමෙන් පසු, මටත් නොදැනම මා සැමවිටම ඔබව සොයා ඇති බව දැනුනි. මගේ හදවත ඔබව සොයා ගත් මොහොතේම වෙනත් කිසිවක් සෙවීම නතර කළේය.


උපුටාගැනීමකි. අයිතිය මුල් කතෘ සතුය.

Tweet Image 1

දැනුනු ආදරය බොරුවක් කියලා මම තාමත් විශ්වාස කරන්නේ නෑ...


ජීවිතේ එක දවසක් එනවා... හිත ඇතුලෙන් මොනතරම් ඇඩුවත් ශක්තිමත් වෙලා හිනා වෙලා හිදීම හැර වෙන කිසිම විකල්පයක් අපිට නැතිවෙන..... සමහර හීන බිදුනම අඩන්නවත් අයිතියක් නෑ...මොකද ඒ හීන බැලුවෙත් හොරෙන් නිසා...


"ගමන නවත්තන්න හිතෙන කොට , ගමන පටන්ගත්තු හේතුව මතක් කරගන්න...." ගිය අවුරුද්දේ නොවැම්බර් අග ඔයා මට එවපු කෙටි පණිවිඩයක්


සමහරක් වෙලාවට මට දැනෙනවා මම අත්හරිනවා කියලා....ඒත් එක වෙලාවක් එනවා..ඒ කටහඩ ඇහෙන....අත්හරින්න ලෝබ වෙන. කියන වචන වල අර්ථය මොනවා වුනත් ඇහෙන හඩ තාම පුදුම දයාබරයි... ඒ මගේ හඩ..මං වෙනුවෙන් එන හඩ... ඉතින් ඒ වෙලාවට අත් හරින්න බැරුව ආයෙ ආයෙමත් ලෝබ වෙනවා


ගැහණියකගේ ඇස් දෙක දිහා බලලා ඇය සතුටින් ද දුකින්ද කියලා නිගමනයකට එන්න ඉක්මන්වෙන්න එපා.... හිත කීතු කීතු වලට බිදිලා තියෙද්දිත් දරුවෝ වෙනුවෙන් කිරි උතුරලා හිනාවෙලා ඉන්න පුලුවන් ගෑනු ඇස් වලට.... ඇස් වැඩිපුරම දිලිසෙන්නේ හැංගුනු කදුලුවලට. ආදරේ ට බරවුණු කදුලු වලට


United States Trends
Loading...

Something went wrong.


Something went wrong.